දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න

Powered by දහම් විල

ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදු සසුනේ අවසානය සිදුවන අයුරු බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොකයේ තතු

January 8, 2012 at 12:34 am | Lanka C News.

අද කියන්න බලාපොරොත්තු වන්නේ කොසොල් රජතුමා විසින් දුටු එකොලොස් වෙනි සිහිනය පිලිබද විස්තරයි. මෙ පිළිබදව කථා බහ කරන්න බොහෝ දේවල් තිබෙන නිසාත් එක ලිපියකින් මෙම කරැණු ඉදිරිපත් කරන්න අපහසු නිසාත් ලිපි කිහිපයකින් පහත මාතෘකා යටතේ මෙ පිළිබදව කරැණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ.
01)කොසොල් රජුගේ 11 වන සිහිනය හා බුද්ධ ශාසනය අතුරැදහන් විම පිළිබද විස්තරය.
02)බුදු සමයේ අතුරැදහන්විම පිළිබදව ත්‍රිපිටයේ අන්තර්ගත දේශනා.
03)මෙකල නිර්වානය පසක් කල හැකි නොහැකි බව හා අධිගම යේ අතුරැදහන්විම පිළිබද විස්තරය.
04)කොසොල් රජතුමාගේ 11 වන සිහිනයේ සදහන් කරැනු හා වත්මන් සමාජිය අදාලත්වය.
මෙතැන් සිට ඉහතින් දක්වන ලද පිළිවලට කරැණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඊට මත්තෙන් කොසොල් රජතුමා විසින් දකිනා ලද 11 වන සිහිනය පිළිබදව සලකා බලමු.
පසේනදි කොසොල් රජතුමා
ස්වාමීනි ලක්‍ෂයක් වටිනා සඳුන්හරයක් කුණුමොරට විකුණන්නා දිටිමි. මෙයට කවර විපාකදැයි විචාළෝය.
බුදු රජානන්වහන්සේ.මීටත් අනාගතයෙහිම මාගේ ශාසනය පිරිහෙන්ට වන්කල්හි විපාකවන්නේය, තවද අනාගතයෙහි ප්‍රත්‍යයෙහි ලොල්වූ භික්‍ෂුහු බොහෝවන්නාහ ,ඔවුන් මා විසින් බොහෝ ප්‍රත්‍යයෙහි ලොල්බව මැඩ කියනලද ධර්‍මදෙශනාව චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය නිසා අනුන්ට දේශනාකෙරෙති, ප්‍රත්‍යය ලොභයෙන් මිදී නිස්සරණ පක්‍ෂයෙහි සිට නිර්වාණාභිමුඛ බව දෙසන්ට අසමර්ථවෙති, දායකයෝ හුදෙක් මාගේ ව්‍යංජන සම්පත්තිය හා මධුරසවරය අසා මාහැඟිවූ සිවුරු ආදිය දෙති, දෙනුකැමැතතා හුද වෙතියි කියාම දෙශනකරති, සමහර කෙනෙක් විධි මධ්‍යය සතරමන් සන්‍ඩියය මාලිගාවේ වාසල්දොරකඩය යනාදීවූ සථානවල හිඳ මදකටක් කහවණූවක් නිසාත් දෙශනා කෙරෙති. මෙසේ මා විසින් නිර්වාණය අගයකොට දෙසනලද ධර්‍මය චීවර පිණ්ඩපාත සෙනාසන ගිලාන ප්‍රත්‍යය යන චතුර්විධ ප්‍රත්‍යය හා මදටක් කහවනුවක් නිසා විකිණියකොට දෙන්නාහුය. මොවුන් ලක්‍ෂයක් අගනා හඳුන්හරක් කුණුමොරට විකුණන්නාවූන් වැන්නෝය. මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත්තේය. දොළොස්වෙනි සවප්නය කියවයි වදාළසේක.
මෙයින් කියවෙන්නේ අපගේ තිපලාගුරැ බුදුරජානනවහන්සේගේ සාශනය පිරිහෙන්නට වු කල, තථාගතයානන්වහන්‍සේ විසින් වස්තු සැපයිමි ආදි දුරලිය යුතුයැයි පවසන ලද ලෞකික සැප සමිපත් පසුපස හඹායන්නාවු භික්ෂුන් බොහෝ සෙයින් ඇති වන බවයි. එම භික්ෂුන් වහන්සේලා නිර්වාණ ගාමි ප්‍රතිපදාව මනා ලෙස අනුගමනය කරමින් ධර්මය දේශානා කිරිමට අසමර්ථ වෙති. හුදෙක්ම වස්තු ලාභය සදහා බුදුරජාණන්වහන්සේ විසින් මෙ සසරින් එතෙරවිම සදහා දේශනා කරන ලද ධර්මය විකුණති. පාරක් පාරක් ගානේ පවා විකුණති. ධර්මය දේශනා කිරිමෙ දීද ප්‍රථ්‍ය ලාභයෙන්ම දේශනා කිරිමි කරති. එසේ ප්‍රථ්‍ය දෙන්නන්ටම ඔවුන් පැහැදවිමටම දේශනා කිරිමි කරති. මෙම 11 වන සිහිනයේ අර්ථය වන්නේ මෙයයි.
ථතාගත ගෞතම අප බුදුරජාණන්වහන්සේගේ සසුනේ පිරිහෙන්නේ කෙසේද යන්න විස්තර කරනුයේ ආකාර පසකිනි.

01)ප්‍රතිවෙධ අන්තර්ධානය
02)ප්‍රතිපත්ති අන්තර්ධානය
03)පර්‍යප්ති අන්තර්ධානය
04)ලිංග අන්තර්ධානය
05)ධාතු අන්තර්ධානය යන ආකාර 05 නි.

දැන් මෙ එක එකක් සලකා බලමු. මෙකි කරැණු පිළිබද විස්තර මනෝරථපුරණි නමි වු අංගුත්තර නිකාය අටිඨකථාවෙ, ඒක නිපාතයේ 10 වන වර්ගයෙත්, ඒ හා සමානම විස්තරයක් සද්ධර්ම රතනාකරයේත් අන්තර්ගතයි. මෙහි දක්වනු ලබන ලිපියේ මුලාශයන් දෙකෙහිම සදහන් කරැණු ඇතුලත් කර සරල බසින් දක්වා ඇත.
01)ප්‍රතිවෙධ අන්තර්ධානය
සොවාන් මාර්ගඑය, ඵලය, සකෘදාගාමි මාර්ගය, ඵලය, අනාගාමි මාර්ගය, ඵලය, අර්භන් මාර්ග‍ය, ඵලය යන චතුර්විධ මාර්ගඵල ද, ආදි වූ මෙ හැම විදර්ශිනාදිය පිරිහෙන කල්හි සිවුපිළිසිඹීයාවෙහි පටන් ප්‍රතිලෝමයෙන් ප්‍රතිවෙධය පිරිහෙන්නේ ය. මෙසේ ප්‍රතිලොමයෙන් පිරිහී අවුත් සෝවාන් මාර්ග ඵලයට පිරිහී එයින් මාර්ගය එලය ශ්‍රාවකයන්ට පසක් කිරිමට නොහැකි විමෙන් හෝ අවසන් අධිගම ලාභියාගේ ජීවිතක්ෂයෙන් එනමි අවසන් මාර්ග, ඵල ලාභි ශ්‍රාවකයාගේ මරණයෙන් අධිගමශාසනය පිරිහුනේ නම් වේ. මෙය ප්‍රතිවෙද අන්තර්ඪා‍න නම් වෙයි.
02)ප්‍රතිපත්ති අන්තර්ධානය
මෙසේ කල් යාමෙන් සිවි මාර්ගයන්ට ඵලයන්ට පත්විමට නොහැකිවු ශ්‍රාවකයෝ සිල් පමණක් රක්ෂා කරති. ඒසේ වුවත් උත්සාහ කර බැලිය යුතුයැයි කියා, ප්‍රතිපත්ති‍ ශිලාදි වූ ගුණධර්මයන් ආරක්ෂා කරමින් මතු නිවන් අපෙක්ෂාවෙන් ධ්‍යාන භාවනා ආදිය කෙරෙති. කල්යත්ම මෙසේ උත්සාහ කිරීමෙන් සුළු සමාධි මාත්‍රයක් හෝ ලැබ ගත නොහැකිව, චතුපාරිසුඩිසීලය පමණක් රක්ෂා කරමින් සිටිති. එයින් කල් යත් යත්ම “අපි සිල් රකිමු, භාවනා කරමු නමුත් මාර්ගයක් ඵලයක් සදහා එලබිය නොහැක. මෙකලට අර්‍ය ධර්ම ප්‍රතිවෙද කල නොහැකි (එනමි මාර්ග-ඵල ඉපදවිය නොහැකිය) යැයි නිගමනයට එලබෙන්නේය. එයින් කුසීත ව “අප කෙතෙක් ප්‍රයත්න කළත් නොවන දෙයක් නො වන්නේ මය. යැයි කියා ඔවුන් ඔවුන්ට චොදනා නොකරමින් ප්‍රතිපත්තිය ලිහිල්කොට එතැන් පටන් කුඩා අනු සිකපද නොසලකා හරිනු ලබයි. ඉන් පසු කල්යෑමෙ දි පචිති ඇවැත් හා තුලැසි ඇවත් වලට පැමිනෙයි. ඉන් පසු ගරැකාපත්තින්ටද එලැබ පරාජිකා පමනක් පවතියි. මෙසේ තිබියදී පවා සිවි පරාජිකාව රක්ෂා කර ගෙන සිටිනා භික්ෂුන්වහන්සේලා 100 ක් හෝ 1000 ක් ඇති තාක් පටිපත්ති සාශනය අතුරැදහන් නොවු බව කියනු ලැබෙ. මෙසේ සිවි පරාජිකා රකිනා අවසන් භික්ෂුවගේ සිල් බිදි යාමෙන් හෝ දවිගෙවි යාමෙන් ප්‍රතිපත්ති අන්තර්ධානය වුයේයැයි කියනු ලැබෙ.
03)පර්‍යප්ති අන්තර්ධානය
පරියන්ති නොහොත් පර්‍යප්ති අන්තර්ධානය නම් සකල ලොකාවබොධය පිණිස කරුණා නිධාන වූ බුදුරජුන් විසින් දෙශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකයට අයත් බුද්ධ වචනයේ නො පැවැත්මයි. ත්‍රිපිටකය පවත්නා කල්හි ප්‍රතිවෙධ ශාසනය, ප්‍රතිපත්තිශාසනය පරියන්ති ශාසනය යන ත්‍රිවිධශාසනය ම පවතිනු ලැබෙතැයි සැලකේ.
කල්ගතවන කල කලියුගයේ රජවරැ අධාර්මික වෙති. මොවුන්ගේ නොදැහිමි බවින් වැසි මනාකොට නොවසියි. එයින් බොග ආදිය මනා ලෙස නොපැසෙයි. ඒවා මනා ලෙස නොපැසෙන කලිහි (මෙයින් අදහස් වන්නේ රටෙ දරිද්‍රතාවය පැතිර යන බවයි) භික්ෂු සංඝයාට දායකයන්ට මනා ලෙස දානය දිමට නොහැකි වෙයි. එසේ විමෙන් අතවැසියන් භික්ෂුන් ගත නොහැකිව භික්ෂුන්ගේ ගණන අඩු විමෙන්, මෙම නිසා කල්යත්ම පරියන්තිය පිරිහෙයි. ධර්මය අර්ථ වශයෙන් දැරිමට නොහැකි වෙයි. ඉන් පසු පෙළ වශයෙන් දරයි. ඉන් කලක් ගතවන විට සියලු පෙළද දැරිමට නොහැකි වෙත්. ඉන්මත්තේ මුලින්ම අභිධර්ම පිටකය පිරිහෙයි. අභිධර්ම පිටකය පිරිහෙනුයේ මත්තෙහි පටන්ය. මුලින්ම මහා ප්‍රකරණය පිරිහෙයි එය පිරිහුන පසු යමකය, කථාවත්තුව, පුද්ගල ප්‍රඥප්තිය, විභංගය, ධර්ම සංග්‍රහය පිරිහෙයි මෙසේ අභිධමිම පිටකය පිරිහුන කල, මත්තෙහි සිට සුත්‍ර පිටකය පිරිහෙයි. පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි. එයින්ද පළමුව ඒකාදස නිපාතය පිරිහෙයි එහි සිට ක්‍රමයෙන් ඒකක නිපාතය දක්වා පිරිහෙයි මෙසේ අංගුත්තර නිකාය පිරිහුන කල්හි මත්තෙහි සිට සංයුක්ත නිකාය පිරිහෙයි. මෙයින් පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සලායතන වග්ගය පිරිහෙයි. ඉන්පසු ඛන්ධක වග්ගයද, නිධාන වග්ගය, සගාථවග්ගය,
වශයෙන් සංයුක්ත නිකාය පිරිහුන කල්හි මත්තෙහි පටන් මජ්ජිමනිකාය පිරිහෙයි. මජ්ජිම නිකායේ මුලින්ම පිරිහෙනුයේ උපරි පන්නාසකයයි. ඉන් අනතුරැව මජ්ජිමපන්නාසකයද, මුලන්නාසකයද පිරිහෙයි. අනතුරැව මත්තෙහි පටන්, දිඝ නිකාය පිරිහිමට පටන් ගනියි. පළමුව පාටිය වග්ගය පිරිහෙයි. එයින්පසු මගාවගගයද, සිලක්ඛන්ධවග්ගයද පිරිහෙයි. මෙසේ දිඝ නිකාය පිරිහුන කල සුත්‍ර පිටකය පිරිහුනේ නමි වෙයි. ඉන්මත්තේ විනය පිටකය හා ජාතක කථා පමණක් දරයි. විනය පිටකය යහපත් ලජ්ජි භික්ෂුන් පමණක් දරයි. ලාභ කැමැති භික්ෂුන් සුත්‍ර පිටකය කියු කල එය අසන්නෙක් නැතැයි කියා ජාතක කථා පමනක්ම කියති. කල් යත් යත්ම ජාතකයද දැරිමට නොහැකි වෙයි. ජාතකයන්ගෙන් මුලින්ම වෙස්සන්තර ජාතකයේ සිට අපණ්නක ජාතකය දක්වා ප්‍රතිලොමයෙන් පිරිහෙයි. එකල්හි විනය පිටකය පමණක්ම පවතියි. මෙයද කල්යත්ම මත්තේ පටන් පිරිහී පළමුව පරිවාර පාළියද, අනතුරැව ඛන්ධකයද, භික්ඛනි විභංගයද, මහා විභංගය ද පිරිහෙයි අනුපිලිවලින් උපොසථ කර්ම ඛණ්ඩය පමණක් දරයි. එකල්හිද පරියන්තිය අතුරැදහන් නොවු සේ සලකණු ලබයි. යමිසේ මනුෂ්‍යයන් අතරෙහි සතර පදයෙන් යුක්ත ගාථාවකින් හෝ බුදුගුණයෙක් පවතී නම්, ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක සදැහැති රජෙක් බුදුගුණ අසන්ට වුව මැනැවැයි සිතා ධර්ම දේශකයන් සොයා, නො ලැබ දහසින් බැදි පියැල්ලක් ඇතුපිට තබා “බුදු බණින් ගාථාවක් පමණ හෝ දත් කෙනෙක් මෙ දහසින් බඳ පියැල්ල ගෙණ භණ කියනු ලබත්වා යැයි” යි කියා නුවර බෙර ලවාත්, එසේ ධර්ම කථිකයෙක් නො ලැබ තුන්විටෙක බෙර ලැවූ කලැ ඒ දහසින් බඳ පියැල්ල ගෙණ බණ කියන්නක්හු නො ලැබත්ද (එනමි එක් බුදු බණ පදයක් හෝ දන්නා එක් අයෙක් හෝ මිහිපිට නැතිවු කල), පරියන්ති ශාසනය අන්තර්ධාන වූයේ නම් වේ.
04)ලිංග අන්තර්ධානය
කල්ගතවන විට සංඝයාගේ සිවුරැ ගැනිමි, පාත්‍ර ගැනිමි (එනමි සිවුරැ පිරිකර භාවිතා කරනා ආකාරය) අත පය හැකිලිමි හා දිගහැරිමි ආදිය, ඉදිරිය බැලිම වටපිට බැලිම ආදිය ජනයා පහදවන ආකාරයෙන් නොවෙයි.කල්ගතවෙත්ම නිගන්ඨ මහණුන් ලබු කැට අතින්ගෙන යන්නාක් මෙන් භික්ෂුන් පාත්‍රය අත් භාහුවෙ එල්ලාගෙන හැසිරෙති. තවත් කල්ගත වෙත්ම අතින් එල්ලාගෙන හෝ කත් කොනින් එල්ලාගෙන හැසිරෙති. සිවුරේ වර්ණය කල් යත්ම පඩු පෙවිමි නොකොට ඔටු ඇටවන් පැහැ කොට හැසිරෙති. තවත් කල් යත්ම පඩු පෙවිම අත්හැර දමයි. දහවල්ල සිදිම හා බදපටිය විදිම ද නොකරති. කප් බින්දුව පමණක් කොට පරිහරණය කරයි. නැවත බදපටිය විද කප නොකරයි. ඉක්බිති දෙකම නොකොට දහවල්ලද සිද පිරිබ්‍රාජකයන් මෙන් හැසිරෙයි. තවත් කලක් යන විට මෙයින් කවර වැඩැක්දැයි සිතා කුඩා කසාවත් කඩක් අතේ හෝ ගෙලෙහි පමණක් බැද භික්ෂුන් යැයි කියමින් හැසිරෙයි. එසේත් නැතගොත් කෙස් වල අලවාගෙන හෝ හැසිරෙයි. මොවුන් ඉතා දුශ්ෂිල වන අතර අන් මිනිසුන් කරන්නාවු කර්මාන්ත වල යෙදෙමින්ම, අඹුදරැවන් රක්ෂා කරමින් ජිවිත් වෙයි. මෙකල ද මිනිසුන් මහා සංඝයා වෙත දන්දෙමියි කියා දන් පවත්වනු ලබයි. බුදුරජානන්වහන්සේ දක්ෂිණවිභංග සුත්‍රයේ දේශනා කර ඇති අයුරැ “ආනන්දය මෙම සංඝගත දක්ෂිනාව එකල්හි පවා ගිනිය නොහැකි තරමි ප්‍රමාණකල නොහැකි එකක් වන බව දක්වා ඇත. තවත් කලක් ඉක්මිමෙන් විවිධ කටයුතු වල නියැලෙන මෙම සංඝයා මෙය අපට භාධාවකි. මෙයින් අපට වැඩැක් නැතැයි සිතා කසාවත සිද වනයේ දමයි (කසාවත ඉවත්කර දමති) මෙසේ අවසන් භික්ෂුවද කසාවත ඉවත්කර දැමු කල ශ්‍රමණ ලිංගය අතුරැදහන් වුයේ නමි වෙයි.
05)ධාතු අන්තර්ධානය
සම්‍යක් සමිබුදුවරයානන්වහන්සේලාගේ පරිනිර්වාණය, කෙලෙස් පරිණිර්වාණය, ස්කන්ධ පරිණිර්වාණය, ධාතු පරිණිර්වාණය වශයෙන් ත්‍රිවිධ වෙයි. එයින් ක්ලෙශ පරිනිර්වාණය බොධිමූලයෙහි වැඩහිඳ මාර බලය බිදහැර අලුයමැ ලොවුතුරා බුදු වූ ක්ෂ්ණයෙහි ම සිද්ධ වි ය. ස්කන්ධ පරිනිර්වායණය වෙසග මස මැදි පොහෝ දවස් විසා නැකතින් කුසිනාරානුවර මල්ලරජුන්ගේ උපවත්තන නම් සල් වනයේ දී විය. ධාතුපරිනිර්වාණය අනාගතයේ බොධිමූලයෙහි දී ම වෙයි.
එය කෙසේද යත්:-
මේ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පැවැති කල සත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුරජානන්වහන්සේ ජිවමාන කල කලාවු අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින් ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් ව එතැනින් නික්ම නාග දිවයින රාජායතන නම් චෛත්‍යට රැස් වෙමින් කලක් පැවත,
මෙසේ බුදුරජුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතන චෛත්‍යයෙන් නික්ම අපරාජිත ස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්‍රී මහා බෝධින්වහන්සේට පිට ලා පූර්වදිශාභිමුඛ ව වජ්රාසනාරූඩ ව බුදු රජුන් බුදු වන්ට වැඩ උන් දවසේ මෙන් දිව්‍ය බ්‍රරහ්ම නාග විමාන ආදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු දන්තධාතු ග්‍රීරීහ්වාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධ ශරීර මවාගෙණ බෝමැඩ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි ධාතුශරීරයෙන් සවණක් ඝන බුද්ධ රශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ දුටුවාවූ දිව්‍ය, බ්‍රර්හ්ම, නාග, යක්ෂ ආදීන් “අප බුදුන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය අද දවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේවත් මෙයින් මතු දර්ශකනයෙක් දුර්ලභ ය. එසේ හෙයින් මේ අන්තිම දර්ශනයෙහි අපගේ ‍ ශක්ති පමණින් පූජා කොට මේ පශ්චිම දර්ශදනය දැක ගමුය” යි උනුන් හට කිය කියා පඤ්ච සුද්ධවාසයන් හැර දහසක් සක්වළ දිව්‍ය බ්‍රරහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්ප පහන් සුවද දුමි, නෘත්යය ගීත, වාද්යාදීන් අප්‍රමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදුරජුන් පුදන්ට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ චිත්ත ප්‍රසාද භාවය අධික වන ලෙස ප්‍රාතිහාර්‍යය දක්වා, පලක් බැඳ වැඩසිටිනා සේක. මෙ‍සේ පලක් බැද වැඩහුන් ධාතු ශරීරයෙන් මහා තේජෝ ස්කන්ධයක් හටගෙන එය බ්‍රහ්ම ලොකය දක්වා පැන නැඟී ‍මහත් අද්භූත ප්‍රභා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්‍ය කොට ධාතුස්කන්ධයෙන් මඳකුත් ශේෂ‍ නො කොට කපුරැ දැවිගියාක් මෙන් ශාන්ත වූ කල්හි, ඒ හැම ප්‍රාතිහාර්‍යය දුටු පංච සුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්‍ය, බ්‍රහ්මාදීහු දුකට පැමිණ “අහො ! බු‍ද්ධෝ; අහො! බු‍ද්ධෝ” යනාදී ලෙස අපමණ වැලපිමෙන් යුක්තව “‍කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධ ආලොකය භවාන්ධකාරයෙන් වැසි යන ලදි. යැයි තෙවරක් පැදකුණුකොට වැද තමතමන්ගේ තැන් වලටම යති. මෙය ධාතු අන්තරධානය නමිවෙ.
මෙසේ තුන් සසුනේම පැවැත්ම රදා පවතිනුයේ පරියන්ති ශාසනය හෙවත් ත්‍රිපිටකයේ අන්තර්ගත බුද්ධ දේශනය මතය. මේ සසුන නසනුයේ පිටස්තරයන් නොව මෙ සසුනේම උපන් හිස් පුරැෂයන් විසින් බව බුදුපියානන්වහන්සේ විසින් දේශිතයි. ඒ අනුව මෙකි කරැ‍ණු කොසොල් රජතුමා දුටු 11 වන සිහිනයේ අර්ථයන් හා සසදාගත යුතුය.
තථාගත බුදුපියානන්වන්සේගේ අමෘතයක් බුදුවු බුදු බණ ඇසිමට ලත් අප මහත් පුන්‍යවන්තයෝ වෙමු.උන්වහන්සේගේ ධර්මය අසා සිටි තිරිසන් සත්ත්වයින් පවා දෙවි ලොවිහි උපන් බව විමානවත්තු ආදි ත්‍රිපිටක දේශනයන්හි සවිස්තරව ඇත. ජිවමාන බුදුරජුන් වැනිවු උන්වහන්සේගේ සුභාෂිත ධර්මස්කන්ධය අනාගත පරපුරටද නිකලැල්ව දායාදකර දෙලොව සැප සාදාගැනිමට අපිත් උත්සුක විමට සුදුසු කාලය දැන් එලබ තිබෙ.
බුදුසරණයි! 

නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම

April 6, 2012 at 12:24 am | Lanka C News.

බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේබුදුදහම ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් ඇත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියක් කියවීමට මාහට අවස්ථාව උදාවිය. ඉංග්‍රීසියෙන් අති මෙම ලිපිය සුවහසක් සිංහල පාඨකයන් සඳහා පරිවර්ථනයකොට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයයි මේ…සියල්ලෝ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන කෙරෙහිම සිත පහදවා ගනිත්වා!!
එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රහී(Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින.
ශබ්දකෝෂයට අනුව ආධානග්‍රහී බව යනු, යම් මතයක් මුල්කරගත් උද්දච්ඡ් බවයි. එම අර්ථ දැක්වීම, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ විද්‍යාගාර තුලදී මා දුටු “විද්‍යාව” අර්ථ දැක්වීමට ඉතා සුදුසුවේ. “විද්‍යාව” තුල විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින්යුත් සත්‍ය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්, සියල්ල අතික්‍රමණය කොට ඇත. එකල සිටම මාගේ ප්‍රියතම තේමා පාඨය වූයේ, “යම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකුගේ විශිෂ්ටත්වය මනිනු ලබන්නේ, තම විෂයේ ප්‍රගමනය ඇහිරී තිබූ කාලය ප්‍රමාණය මත”යන්නයි
සැබෑ විද්‍යාව යනු කුමක්දැයි හන්දුනා ගැනීමට, විද්‍යාවෙ පීතෘවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික දර්ශනික ෆ්‍රැන්සිස් බේකන්ගේ(1561 – 1628) අදහස් විමසා බලන්න. විද්‍යාව ප්‍රගමනය විය යුත්තේ කුමක් මතද යන්න සඳහා රාමුවක් ඔහු විසින් ස්ථපිත කලේය. එනම් “යමක නිෂේධාත්මකබව පිළිබඳ වැඩි බලයක් යෙදවීම” මෙහි අදහස නම්, යම් ස්වභාවික සංසිද්ධියක් පැහදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයක් (Theory) විසාධනය(Disprove) කිරීමට යමෙක් තම හැකි උපරිමයෙන් උත්සහ ගතයුතුයි, එය අභියෝගයට ලක් කිරීමට පරීක්ෂණ පැවැත්විය යුතුයි  යන්නයි. යම් සිද්ධාන්තයක් පිළිබඳව තාර්කිකව දැඩි පරීක්ෂණයකට ලක් කොට, එහි දෝෂ සොයාගත යුතුය. විද්‍යාව ප්‍රගමනය වන්නේ එවිටයි. නව සොයගැනීමකට අනුව, යම් සිද්ධාන්තයක් වෙනස්කර පිරිසිඳු කිරීමට හැක. විද්‍යාවේ මෙම මූලික ක්‍රමවේදයට අනුව පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් ඔප්පු කිරීමට නොහැකියි. කල හැක්කේ, පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් විසාධනය කිරීම පමණි.
මංමුලාවූ සමහර විද්‍යාඥයන්ට අනුව පුනරුප්පත්තියක් නොමැත.එනම් සංතතික විඤ්ඤාණයක ආගමනයෙන් නැවත අනුක්‍රමිකව මිනිසත්බවක්(හෝ කිසියම් උපතක්) ලැබිය නොහැක යන්නයි. එසේනම්, විද්‍යානුකූලව පුනරුප්පත්තිය සත්‍යබව ඔප්පු කිරීමට යමෙකුට කලයුතු වන්නේ, නැවත උපදින බවට එකම එක අවස්ථාවක් පෙන්වීම පමණි. නමුත් ඔබ සැම දන්නා පරිදි, මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්, පුනර්භවය පිළිබඳ බොහෝ ආදර්ශනයන් මේවනවිටත්  සපයා ඇත. පුනර්භවයක් නැත යන සිද්ධන්තය මේවන විටත් විසාධනය කර ඇත. දන් එය විද්‍යාත්මක සත්‍යකි!!
සාමාන්‍ය ජනතාවට ඇති විද්‍යාත්මක දැනුම අල්පවේ. තවද, ඔවුන් පුවත්පත් සඟරා ආදියෙහි දැක්වෙන පරිදි “විද්‍යාඥයන් විසින් ප්‍රකශ කරන ලදී” ආදී වශයෙන් දුටුවිට එය නිතැතින්ම සත්ය වශයෙන් අදහීමට යොමුවේ. දැන් මෙය “දේශපාලඥයෙක් විසින් කියන ලදී?” යනුවෙන් යම් තැනකදී කියෙව්වොත්, අපගේ ප්‍රතිචරය කුමක් වේවිදැයි සසඳන්න. විද්‍යාඥයන්ට මෙතරම් අවිවාදිත විශ්වසනීයත්වයක් ලැබුනේ ඇයි? සමහරවිට විද්‍යාඥයන්ට අද ලෝකයේ ඇති ගුප්ත පූජ්‍යත්වය නිසා විද්‍යාවේ භාෂාව සහ පිළිවෙත් සාමන්‍ය ජනතාව කෙරෙන් ඈත්වීමට පටන්ගෙන ඇත. දැකුම්කලු සුදු විද්‍යාගාර ලෝගු ඇඳ, බහු-මාන සමාන්තර විශ්වයන්(Multi-dimensional fractal parallel universes) ආදී නානාප්‍රකාර නොතේරෙන අන්ඩර දෙමළ දේශනාකරන නූතන අල්කෙමිවරුන් පුදුමාකාරයි, ඔවුන් කියන ඕනෑම දෙයක් අප පිළිගනියි. යමෙක් පාප් වහන්සේ බවට පත්වුනාසේ, විද්‍යාව දැන් උත්කෘෂ්ථයි.වෙනස් කිරීමට අපහසුයි.
සමහරු මෙය හොඳින් දනිති. අවුරුදු 30කට පෙර මා උගත් දෙයින් වැඩි ප්‍රමානය දැන් වැරදිබව ඔප්පු කොට හමාරය.විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි. විද්‍යාවට කලහැක්කේ සත්‍ය යොජනා කිරීම හැර සත්‍යට හිමිකම් කීමට කිසිදිනක නොහැකි බව ඔවුන් දනිති. බෞද්ධ වෛද්‍යවරයෙකු වරක් මා සමඟ කියාසිටියේ, ඔහු ඉගෙනගත් සිඩ්නි වෙද විදුහලේ ප්‍රධානී, පුප්‍රසිද්ධ මහාචාර්යතුමා සිය පලමු දින දේශනය අරඹමින් කියාසිටියේ, “අප ඉගන්වීමට යන දෙයින් අඩක් ලබන වසර කිහිපයෙදී වැරදිවේ,ගැටලුව වන්නේ ඒ කුමන අඩද යන්න අප නොදැනීමයි” අන්න නියම විද්‍යාඥයන්.
බුදුදහම, නවීන විද්‍යාවට වඩා බොහෝ විද්‍යාත්මක වේ. විද්‍යාව මෙන්ම, බුදුදහම පදනම්වී ඇත්තේ හරි වැරදි බැලිය හැකි හේතු-ඵල සබඳතාවයකිනි. නමුත් විද්‍යාව මෙන් නොව බුදුදහම සියලු ඇදහිලි වල පූර්ණත්වය අභියෝගයට ලක් කරයි. සුප්‍රකට කාලාම සූත්‍රයේ සඳහන් පරිදි,යමෙක් උගත්දේ, ඇසූදේ, සම්ප්‍රදායෙන් පැමිණිදේ, අනුමානය,වෙනත් ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින්, තර්කයට හසුවූ පමණින්,බාහිර පෙනුමෙන්, සම්මත අදහස් සමඟ එකඟ වූ පමණින් හෝ ගුරුවරයා එකඟ වූ පමණින් කිසිදෙයක් පිළිනොගත යුතු බවයි. විද්‍යාඥයන් කීදෙනෙක් මෙතරම් බරපතල ලෙසෙ තම චින්තනය මෙහෙයවයිද? බුදුදහම සියලුදේට අභියෝග කරයි. එය තර්කයද අතික්‍රමණයකරයි.
මහා විද්‍යාඥ අයින්ස්ටයින්ට පවා, ක්වන්ටම් සිද්ධන්තය ඉදිරිපත්කල මුල් කාලයෙදී එය තරමක් අතාර්කික බව පෙනීයාම පුදුමයට කරුණක් නොවේ. එය තවමත් විසාධනය කොට නැත.තර්කය, එය පාදක වූ උපකල්පනය තරම්ම පමනක් විශවසනීයවේ. බුදුදහම පදනම් වන්නේ පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය මත පමණි.
සුපැහැදිලි ප්‍රත්‍යක්ෂය ඇතිවන්නේ යමෙකුගේ මිනුම් උපකරන වන ‘ඉන්ද්‍රියන්(Senses)’ ප්‍රභාමත් සහ නිරවුල් වූ විට පමණි. බුදුදහමට අනුව මෙය සිදුවන්නේ නීවරණ වන ථිනමිද්ධ හා උද්දච්ඡ කුක්කුච්ඡය යටපත් වූ විටයි. සියලු අගතීන්ගෙන් නිදහස් වූ දෙය පරමාර්ථ ප්‍රත්‍යක්ෂයයි. බුදුදහමට අනුව තුන් ආකාර අගතීන් වන්නේ, ලෝභය, ද්වේශය හා මෝහයයි.තන්හාව නිසා යමෙකුට බැලීමට අවශ්‍ය දේ පමණක් බැලීමට සලස්වයි. එමෙන්ම තන්හාව නිසා සත්‍ය, විමසන්නාගේ කැමැත්තට ලඝුවේ. යමෙකුගේ මතවාදයන්ට බාධාකරන හෝ අවුල්කරන ඕනෑම දෙයක් මගින් ඇතිවන ද්වේෂය නිසා අන්ධ බවට හා සත්‍ය විකෘති බවට පත්කරයි. පුනර්භවය වැනි සම්පූරණයෙන් වලංගු එහෙත් බැලූ බල්මට යමෙකුට පහසුවෙන් නොවටහෙන සත්‍යයන්, විචිකිච්ඡාව හේතුවෙන් හිතුමනාපේ ප්‍රතික්ෂේප කෙරේ.කෙටියෙන් කිවහොත්, පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය  සිදුවනේ, බොදුමගෙහි සඳහන් ‘පංච නීවරණ’ යටපත් වූ විටයි. ඉන්ද්‍රියන් හරහා යමෙකුට ලැබෙන දත්ත විශ්වාස කලහැක්කේ එවිට පමණි.
මක්නිසද යත් විද්‍යාඥයන් සිටින්නේ පංච නීවරණ යටපත්කරගෙන නොවේ. ඔවුන් සිටින්නේ පැහැදිලි ප්‍රත්‍යක්ෂයෙන් බොහෝ මෙපිටයි. උදාහරණයක් ලෙස තම සිද්ධාන්ත සමඟ නොපෑහෙන කරදරකාරී පරීක්ෂණ දත්තයන් නොසලකා හරින එසේත් නැත්නම් එය යම් විෂමතාවයක් ලෙස සලකා ඉවත් කරන විද්‍යාඥයන්ට මෙය සාමන්‍ය දෙයකි. බොහෝ බෞද්ධයන්ද මෙසේමයි. යමෙක් මෙම පංච නීවරණයන්(නලකපාන සූත්‍රය, මජ්ජිම නිකාය 68 ට අනුව ) ප්‍රබල ලෙස යටපත් කර ලබන ධ්‍යාන අත්දැකීමක් ලැබිය යුතුයි. ඉතින් පැහැදිලි ප්‍රත්‍යක්ෂය මගින් සැබෑ විද්‍යාඥයන් ලෙස හැඳින්විය හැක්කේ භාවනාවෙන් ප්‍රවීනත්වයට පත්වූවන්ට පමණයි.
විද්‍යාව වාස්තවික නිරීක්ෂණයන් මත පමනක් නොව, මිනුම්(Measurement) මත ද රඳා පවතින්නකි. නමුත් විද්‍යාවට අනුව ‘මිනුම’ යනු කුමක්ද? ක්වන්ටම් සෛධාන්තික විද්‍යාවට අනුව, යමක් මැනීම සඳහා සිදුවිය යුත්තේ නිරීක්ෂනයක් මගින් ශ්‍රොඩිංගර් තරංග සමීකරණය බිඳහෙලීමයි (Collapse the Schroedinger Wave Equation). වැඩිදුර පැහැදිලි කරන්නේනම්, යම් නිරීක්ෂනයක් කිරීමට ප්‍රථම මෙම “නොබිඳුනු” ස්වභාවයේ ඇති ශ්‍රොඩිංගර් තරංග සමීකරණය (“Un-collapsed” form of the Schroedinger Wave Equation), විද්‍යාව සතු ලෝකය පිළිබඳ වඩාත්ම පරිපූර්ණ පැහැදිලි කිරීම වියහැක. එම විග්‍රහය විකෘතියකි. ශුද්ධ විද්‍යාවට අනුව යථාර්තය යනු; පදාර්ථ, ශක්තීන් හා අවකාශය තුල පිහිටීම් යන දේ වලින් සැදුම් ලද්දක් නොව, මැනීමක් වනතුරු පවතින දේය.මේ අනුව, යථර්තය යනු එකකට වඩා අනෙක සිදුවීමට ඇති යම් සම්භාවිතාවක් සහිත, සියලු දෙය වසාගත් අපැහැදිලි යමකි.මූලික මිණිය හැකි ගුණාංගයන් වන ‘පණ ඇතිබව’ හෝ ‘මරණය’ පවා විද්‍යාවට අනුව සිදු නොවිය හැකි ස්වභාවයන් ලෙස පෙන්වාදී ඇත.උදාහරණයක් ලෙස, කුප්‍රකට ‘Schroedinger’s Cat’ thought පරීක්ෂයණයට අනුව, මහාචාර්ය ෂ්‍රෝඩිංගර් තම බලළා පණ ඇත්තේත් නැති නැත්තේත් නැති සැබෑ තත්වයකට පත්කලේය.පසුව මෙවැනිදේ අරුත්සුන් ප්‍රයත්න බවට පත්වින.ක්වන්ටම් සිද්ධාන්තයට අනුව යතාර්ථය මිනුම් ඉක්මවා යන්නකි. මැනීම සත්‍ය තත්වය දකීමට ඇති බාධාවක් මිස එමගින් ඇතිතතු පරිපූර්ණව පැහැදිලි නොකරයි. සැබෑ ක්වන්ටම් ලෝකයත් මැණුම් සහිත බොරු විද්‍යා ලෝකයත් අතර පවතින නියත දෝෂය පෙන්වන ලද්දේ හයිසෙන්බර්ගෙ සුප්‍රකට ‘අවිනිෂ්චිතතා මූලධර්මය’ (Uncertainty Principle) මගිනි.
කෙසේ වෙතත්,මෙම මනින්නා වන සිත මනින්නේ කෙසේද? මෑතකදී මා සහභාගීවු විද්‍යාව හා ආගම පිළිබඳ සම්මන්ත්‍රණයකදී, සභාගැබේ සිටි කතොලිකයකු උජාරුවෙන් කියා සිටියේ, දුරදක්නයකින් තරු නිරීක්ෂණය කරනවිට ඇයට තම ආගම එමගින් තර්ජනයකට ලක්වෙතැයි තමන් අපහසුතාවයට පත්වන බවයි.එවිට මා කියා සිටියේ,යම්විටක නිරික්සන්නා නිරීක්ෂනණය කිරීමට විද්‍යාඥයකු දුරදක්නයේ අනෙක් කෙලවරෙන් බැලුවහොත්, ඇසින් දැකීම යන ක්‍රියාව සිදුකරන්නෙ කුමක් විසින්දැයි සිතාගත නොහැකිව ඔවුන් අපහසුතාවට පත්වේ යන්නයි. මක්නිසාද යත්, ඔවුන්ගෙ විද්‍යාව, එමගින් තර්ජනයට ලක්වඇති හෙයිනි. ඉතින් මෙම දැකීම සිදුකරන්නෙ කුමකින්ද? නූතන විද්‍යාව ඉක්මවායන මේ සිත කුමක්ද?
පලමු වසරේ ගුරුවරියක් වරක් තම පංතියෙන් අසා සිටියෙ, “ලෝකයේ ඇති ලොකුම දේ කුමක්ද?” යන්නයි. “මගේ තාත්තා” යැයි එවිට කුඩා දැරියක් පිලිතුරු දුන්නාය. “අලියා” තවත් කුඩා දරුවෙකු පිලිතුරු දුන්නේ ඔහු මෑතකදි සත්තු වත්ත නරඹා ඇති නිසාවෙනි. තවත් දැරියක් යොජනා කලේ “කන්දක්” ලෙසයි. අවු. 6ක් වයසැති මගේ මිතුරාගේ දියනිය පිලිතුරු දුන්නේ, ලොව ඇති විශාලමදේ “මගේ ඇස” ලෙසයි. මුලු පංතියම පුදුමයට පත්විය. ගුරුවරියට පවා මෙම පිළිතුර නොතේරිනි. එවිට මෙම දැරිය පැහැදිලි කලේ,” මගේ ඇහෙන් අරයගෙ තාත්තයි,අලියයි, කන්දයි, තව ගොඩක් දේ බලන්න පුලුවනි; එහෙනම් මගේ ඇහැ තමයි ලොකුමදේ…” අපූරුයි!!

ඇත්තෙන්ම ඇය එතරම්ම නිවැරදි නැහැ.කෙනෙකුගෙ ඇසින් දැකිය හැකි සියල්ල සිතින් දැකිය හැක, එමෙන්ම සිතින් බොහෝදේ මනෝමයවශයෙන් ගොඩනැගියහැක. එමගින්, ඇසීම, ගඳ සුවඳ දනීම, රස දැනීම, පහස දනීම මෙනම සිතීමද කල හැක. ඇත්තෙන්ම, දන්න සියල්ල සිත
 නැමති දෙය තුලට එබ්බවිය හැක.එමනිසා, ලෝකයේ ඇති විශාලම දෙය වියයුත්තේ සිතයි.විද්‍යාවට සිදුවූ අත්වැරැද්ද දැන් පැහැදිලියි. සිත යනු මොළයවත් ශරීරයවත් නොවේ.මොළය, ශරීරය ඇතුලු ලොව ඇති අන්සියලුදේ ඇත්තේ සිතේ..!!
බුදුදහම ඇදහීම් පද්ධතියක් නොවේ. එය සමථ විදර්ශනා භාවනාව නම් වාස්තවික නිරීක්ෂණයන් මත ගොඩනැගුනු සැබෑ විද්‍යාවකි. කෘතීම මිනුම් මගින් ඇතිතතු වැසීයාමට නොදීමට භාවනාවට හැක. එය නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය හැක්කකි.
ශතවර්ෂ 26ක් කාලයක් පුරා බොහෝ මිනිසුන් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග නම් පරීක්ෂණ තත්වයන් තම ජීවිත තුල නැවත් නැවතත් ප්‍රතිනිර්මණය කරමින් සිටිති. එය ඊනියා විද්‍යාවට වඩා බොහෝ කාලයකි. සමථ විදර්ශනා භාවනාව පිළිබඳ උත්කෘෂ්ට මහාචාර්‍යවරුන් වන අරහත් භික්ෂු භික්ෂුනීන්වහන්සේලා, එදා බුදුරජානණන්වහන්සේ ලද අත්දැකීම ඒ අයුරින්ම ලැබූසේක.උන්වහන්සේලා ඒ අකාලික අමා දහම් නියමය එනම් බුදුදහම ඔප්පු කරන ලදී.ඉතින් එකම සැබෑ විද්‍යාව වන්නේ බුදුදහමයි. ප්‍රකාශ කිරීමට  සතුටුයි, අදත් මා හදවතින් විද්‍යාඥයෙක්. කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම් මා කිසිදා නොවියහැකි තරම් විශිෂ්ට විද්‍යඥයෙක්!!

සදාකාලික රහසක් වූ පිටසක්වල ජීවින් අරක්ගත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය

පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අබිරහස්මය ලෙස වැළලී ගිය 

ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ‘ ඇට්ලන්ටිස්’ ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්‍රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි. 
ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳව මුලින්ම ලිඛිත සාක්ෂි හමුවනුයේ ප්‍ලේටෝගේ හා ප්‍ලේටෝගේ සීයා වූ “ ක්‍රීටේෂස්” ගේ දෙබස් ඇසුරෙනි. එය ප්‍ලේටෝ සිටි කාලයට වසර නවදහසකට පෙරදී සුනාමියකින් හෝ භූමිකම්පාවකින් විනාශ වී යන ලද්දක් බව ඔවුහු සඳහන් කරති. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී විභූතිමත් සමුද්‍රගාමි ශිෂ්ටාචාරයක් වූ ‘ ඇට්ලන්ටිස්’ එකල පැවති සෙසු සියලුම ශිෂ්ටාචාරයන් තම අණසකට ගැනීමට තරම් ප්‍රබල වුවකි. අත්ලාන්තික් (ඒබතචඥදබඪජ) සාගරයේ පිහිටි, මෙම ශිෂ්ටාචාරය 'ඇට්ලන්ටිස්' යන නම  ලබාගෙන තිබුණේ සාගර පත්ලට අධිපති ‘ ඇට්ලස්’ දෙවියන්ගේ නම ආශිර්වාදයක් ලෙස සලකමිනි. මුල්ම ඇට්ලන්ටිස් ආදිවාසීන් ලෙස සැලකෙනුයේ මීට වසර පනස්දහසකට පමණ හෝ ඊට පෙර පෘථිවියට බට කිසියම් පිටසක්වල ජීවි විශේෂයකි. (ලිරියන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පැමිණි අයවලුන් ලෙස සැලකේ) මොවුන්  'එලොහිම්' නොහොත් 'අනුන්කායි' ලෙස හැඳින්වුණු අතර වසර අටසීයක ආයු කාලයකට හිමිකම් කියුවෝ වෙති.
(මොවුන් පිළිබඳව සැඟවුණු  වක්‍ර තොරතුරු බයිබලයේ උත්පත්ති ‍පොතේ ඇතුළත් වන අතර යෝධයන් ලෙස හඳුන්වා ඇත්තේ මෙම ඇට්ලන්ටිස් ආදිවාසීන්ය.)
ඇතැම් ජනප්‍රවාදයන්ගේ ‘ටයිමන්’ වරු ලෙස ද හැඳින්වෙන අඩි 8-12 දක්වා උස්වූ මෙබඳු මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වූ බවට තහවුරු කෙරෙන්නේ මෙබඳු යෝධ අස්ථි සැකිලි දුසිමක් පමණ කැණීම් හරහා මතුකර ගැනීමට හැකි වී ඇති නිසාය. ඒ පමණක්ද නොව මෙම ඇට්ලන්ටිස් ආදිවාසීන් සතු වූ සුපිරි   තාක්ෂණයද වත්මන් විද්‍යාව තුළින් පැහැදිලිි කළ නොහැකි අන්දමේ සුපිරි අධිස්වාභාවික එකක් ලෙස පිළිගැනීමට ඕනෑතරම් සාධක ඇත. කාලගුණය පවා පාලනය කිරීමේ හැකියාව මෙන්ම භෞමික ක්‍රියාකාරකම් (උදා:- ගිනිකඳු පිහිටීම්) ද තමන්ට රිසිසේ පර්යේෂාණාත්මක කටයුතු සඳහා යොදා ගැනීමේ අධිමානසික හැකියාවක් මෙම ඇට්ලන්ටිස් සතු වූ බව කියැවේ. එමෙන්ම ඔවුන්ට පළිඟු (ඛිපරඵබචතඵ) පිළිබඳව පෘථුල දැනුමක් තිබූ අතර, අවසානයේදී මෙම ශිෂ්ටාචාරය මුළුමනින්ම විනාශ වී යාමට පදනම සපයන ලද්දේ ද සීමාව ඉක්ම වූ පළිඟු භාවිතය බව කියැවේ.
ඔවුහු පළිඟු සතු වූ අද්විතීය වර්තන හැකියාව, විස්තාරය හා ගබඩාකර ගැනීමේ හැකියාව පුළුල් පරාසයක් ඔස්සේ භාවිතකරන ලදී. ශක්තිය ගබඩා කර ගැනීමටත්, සම්ප්‍රේෂණය කිරීමටත් තීව්‍රතාව පාලනය කිරීමටත්, පමණක් නොව  කිසියම් ශක්තියක් ඉතා දුරින් පිහිටි වෙනත් එබඳුම ආකාරයේ ග්‍රාහකයක් වෙත සම්ප්‍රේෂණය කිරීමටත් පළිඟු සතු හැකියාව අසීමිත ලෙස යොදාගත් මනුෂ්‍ය වර්ගයක් වෙතොත් ඒ පුරාණ ඇට්ලන්ටිස්වරුන්ය. ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි අදටද පෘථිවියේ විවිධ භෞමික ස්ථානවලින් සොයා ගනු ලැබෙයි. ඔවුන්ගේ විස්මිත නිමැවුම් වූ පිරමීඩ අතර ශක්තිය සම්ප්‍රේෂණ කරමින්, අවශ්‍ය පරිදි ශක්තිය මුදා හැරීම සිදුකරන ලද්දේද අඩි විසිපහක් පමණ උස් වූ ස්වාභාවික පළිඟු ආධාරයෙනි. විවිධාකාරයෙන් වර්ණ ගැන් වූ රතු, නිල්, රෝස, කහ , කළු පැහැති පළිඟු ආධාරයෙන්, රෝග නිවාරණය, අධිමානසික හැකියා වර්ධය, බල උත්පාදනය , ද්‍රව්‍ය ප්‍රවාහනය, අවකාශය තුළ ද්‍රව්‍ය අතුරුදන් කිරීම නැවත නැවත පුනර්ජනනය වෙමින් වසර සිය ගණනක් ජීවත් වීමේ හැකියාව හා අපට සිතාගත නොහැකි තරම් වේගයෙන් ගමන්කිරීම යානාදි එකී මෙකී නොකී සියලුම විශ්වකර්ම ක්‍රියා සිදුකිරීමට පුරාණ ඇට්ලන්ටීයවරුන් හසළ නිපුණයෝ වූහ.
නමුත් අවසානයේදී බල කාමයෙන් මුසපත් ඇට්ලන්ටීයවරුන්ගේ අතට පත් වූ පළිඟු බලය නිසා බලසම්පන්න ශිෂ්ටාචාරයක නිමාව සටහන් වූයේ, එය සාගර පත්‍ලේ සදහටම මිහිදන් කිරීමට කටයුතු සලස්වමිනි. අධික සීමාව ඉක්මවන ලෙස සුසර කරන පළිඟු නිසා යමහල් ක්‍රියාකාරී වී කඳු පර්වත දිය වී ඇට්ලන්ටීය ජනාවාසය සාගර පත්ලට ගිලා බසින ලද අතර මේ ෙදෙවෝපගත මොහොතේ සිදු වූ විනාශකාරී සංසිද්ධිය නිසා පෘථිවියේ සිරස් අක්ෂයද අද පවතින ආකාරයට 23 1/2 න් ආනත වූ බවට පිළිගැනීමක්ද වේ. මේවා හුදෙක් ජනප්‍රවාද හා මිථ්‍යා මත ලෙස බැහැර කළ නොහැක්කේ අද සිටින අපට සිතාගත නොහැකි තරම් බලසම්පන්න ජීවීන් කොටසකට පෘථීවිය කලකදී නිවහන වූ බවට ඇති භෞතික සාක්ෂි නිසාය.
උදාහරණයක් වශයෙන් අද බොහෝ ගුප්ත මතයන්ට පදනම සපයමින් සදාකාලික අබිරහසක් බවට පත්ව ඇති බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන ගුප්ත අතුරුදහන් වීම්වලට හේතුව වනුයේද, ඒ ප්‍රදේශයේ මුහුදේ පත්‍ලේ සැඟ වී පවතින ඇට්ලන්ටිස්
ශිෂ්ටාචාරයේ නටඹුන් විශේෂයෙන් පළිඟු නිසා බව කියවේ. මේ පළිඟු සතුව වස්තූන් අතුරුදන් කිරීමේ ගුප්ත බලයක් තිබිම මීට හේතුව වී තිබේ.
බැලු බැල්මට විශ්වාසයට ගත නොහැකි  මෙබඳු පුරාවෘතයන් හුදෙක්  මිථ්‍යා මත ලෙස බැහැර කිරීමට නොහැකි වී ඇත්තේ එබඳු දියුණු ජන කොට්ඨාසයක් ජීවත් වූ බවටත්, ඔවුන් අදින් වසර දහස් ගණනකට පෙරදී මුහුදු පත්‍ලේ සැඟ වී ගිය බවටත් ලැබි ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි නිසාවෙනි. මින් වඩාත් ම ස්ථීරසාර සාක්ෂි සපයන ලද්දේ 1973 මැක්සින් ඈෂර් ගේ ප්‍රධානත්වයෙන් මුහුදු පත්‍ලේ සිදු කරන ලද ඇට්ලන්ටිස් ගවේෂණයයි. විද්‍යාඥයන් හැත්තෑදෙනෙකුන්ගේද, ගුරුවරුන් හා ගවේෂකයන්ගෙන්ද සමත්විත වූ මෙම කණ්ඩායම් ස්කූබා කිමිදුම්කරුවන්ට හමු වූ නටඹුන් අතර, ගඩොල් ඇතිරූ මහා මාර්ග, විශාල කුලුනු, ඒක කේන්ද්‍රීය, සර්පිලාකාර මෝස්තර, පිරමීඩ, ගෝල, ඇළ මාර්ග, ආදිය සොයා ගැනීමට ලැබූණේ වැළලීගිය දියුණු ශිෂ්ටාචාරයක සභ්‍යත්වය මොනවට විදහා දක්වමිනි.
මෙහි ඇති සත්‍යතාව තවත් තහවුරු වන්නේ එම නටඹුන් ග්‍රීක දාර්ශනික ප්‍ලේටෝ විසින් විස්තර කර ඇති ස්ථානවලින්ම හමු වීමයි.
පහත දැක්වෙනුයේ ඇට්ලන්ටිස්වරුන් සිටි බව තහවුරු කිරීමට සොයාගන්නා ලද සාක්ෂිවලින් අල්පයකි. 
1970 දී ආචාර්ය රේ බ්‍රවුන් විසින් බහාමාස්වලින් එපිට වූ සාගර පත්ලෙන් සොයා ගනු ලැබූ පිරමීඩයක් තුළ තිබි හුරුබුහුටි පිරමීඩ ඇතුළත රඳවා තිබූ අත්භූත පළිඟුවක් රැගත් ප්‍රතිමාවක් සොයා ගන්නා ලදී.  විශ්‍ලේෂණය සඳහා ෆ්ලොරීඩාවට ගෙන එන ලැබූ මෙම පළිඟුවෙන් අනාවරණය වූයේ එය සතුව ශක්තිය විස්තාරණය කිරීමේ අපූරු හැකියාවක් පවතින බවයි.
• 1960 දී බිනිනි දිවයිනෙන් එපිටදීත්, බහාමාස් හා මොරොක්කෝ රටවල් ආශ්‍රිත මුහුදු පත්ලෙනුත්
ශිෂ්ටාචාරයක බවට සැකකළ හැකි වීදී, ගොඩනැගිලි වැනි නටඹුන් සොයා ගන්නා ලදී.
• මධ්‍යම අත්ලාන්තික් සාගරයේ අඩි දසදහසක් ගැඹුරින් කාමර එකොළහකින් යුතු පළිඟු පියස්සකින් යුතු වූ පිරමීඩයක් සොයා ගන්නා ලදී.
1977 දී බහාමාස්හි ‘කේසාල්’ ප්‍රදේශයෙන් එපිට වූ සාගර තලයේ අඩි එකසිය පනහක් ගැඹුරින් අඩි හයසිය පනහක් උස් වූ පිරමීඩයක් සොයාගන්නා ලදී. මෙහි ඇති අත්භූතමය චමත්කාරය වූයේ ගැඹුරු සාගර පත්‍ලේ නිබඳව පවතින අඳුරු ස්වාභාවය වෙනුවට, පිරමීඩය වටාත් ඒ තුළින් ගලාගෙන යන ජලයත් දීප්තිමත් අලෝකයකින් අලෝකමත් වී තිබිමය.
• පෘතුගාලයෙන් සැතපුම් හාරසියක් ඔබ්බෙන් පිහිටි ගිලීගිය නගරයක් සෝවියට් රුසියානු “ බෝරිස් ඇස් ටුරාවු’ විසින් මෙහෙය වූ ගවේෂණ කණ්ඩායම විසින් සොයාගන්නා ලද අතර එහි තිබි අසීමිත වූ ශක්තිමත් කොන්ක්‍රීට් හා ප්ලාස්ටික්වලින් නිර්මිත ගොඩනැගිලි සොයාගන්නා ලදී.එහිදී හමුවූ විදීවලින් අනාවරණය වූයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා තනි පීල්‍ලේ රේල්ලු භාවිතාකොට ඇති බවකි.
මීට අමතරව ‘ ඇට්ලන්ටිස්’ නම් වූ සුපිරි
ශිෂ්ටාචාරයක් කලක දී පෘථිවියේ බලපරාක්‍රමය විහිදුවමින් සිටි බවයි. විවිධ වූ පෞරාණික ලිඛිත සාක්ෂි ද එමටය.
ඒ හැමකින්ම ඔප්පු වනුයේ ඇට්ලන්ටිස් නම් වූ
ශිෂ්ටාචාරය ජනප්‍රවාදයක් පමණක් නොවන බවයි.
ශිෂ්ටාචාරය කෙතරම් දියුණු වුවද එහි විසුවෝ පිටසක්වල ජීවීන් වුවද, එබඳු ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වූයේ බලයට ගිජු වීමත්, බල කාමයෙන් මත් වීමත් නිසා යන්න වත්මන් අපටද ‍පොදු සර්වකාලීන ධර්මතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අබිරහස්මය ලෙස වැළලී ගිය 
ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ‘ ඇට්ලන්ටිස්’ 
ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්‍රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි.

2012 ජූනි 06 වෙනි බදාදා, ලක්බිම 
ප‍්‍රියන්ති රුද්‍රිගු